Tuesday, September 8, 2009

ඒළබෙන දවස අවසන් වන තෙක්

අෑත කදු මුදුන් අතරින්
ගස් අතරින්
පැමිණෙති හිරු මුළුලේවම
අවදි කරවම්න් තවත් දවසක්
උදාවුණා......
කීචි බීචි හඩ දසත පුරා පැතිරුණා
හිරු වියන යටින් තඔුරු මල්
විකසිත වුණා......
සුන්දර...පැහැබර... දීප්තිමත්..
දවසක් උදාවුණා...

හිමිදිරි උදයේ වෙල්යාය දෙසට
දුවගෙන ගොස්
වෙල්යාය දෙස බලා සිටිද්දී
සිතට දැනෙන ප්‍රීතිය නිව නොහැනි
තරම්ය......
පුංවි ගොයමි පැළ සුළගට ලෙළදෙන විට
මට දැනෙනුයේ මුහදේ
රළ ගසන්නා සේය......

තරගකාරීත්වයෙන් පිරැණු ලෝකයේ
ජීවත්වීමට වෙරදරණ මිනිසා
පිඹිදෙති උදෑසන තමාගේ කටයුත්තට..
අමුඩ ලේන්සුව අැදගත් ගොවියා
ගෙන උදැල්ල කරට...
පිණීබිදු වැටී අැති ඉපණැලි නියර දගේ
උදැල්ල කරතබා ගත් ගොවියා
දෙවියන් බුදුන් සිහිකොට
කුඹුරට පියමන් කරයි........

ගොවියා උදෑල්'ල අතට ගන්ද්දී
තවත් මිනිසෙකු පරිඝනකය ළග ඉදගනී...
පෑන අතට ගනී..ගිනි අවිය අතට ගනී...
කැරකෙන පුටුවෙහි සැපට පැද්දෙමින් හිදී...
ගොවියා අමුඩලේන්සුව අැද ගනිද්දී
තවත් සමහරෙකු කලිසම් අදී....
තවත් සමහරු සරම් අදී.....
තවත් සමහරු සාරිය අදී..
තවත් සමහරු ජැන්ඩියට අදී.......

ගොවියා නියර දිගේ කුඹුරට
පියමන් කරද්දී....
තවත් සමහරු
සුඛෝපබෝගී
කාර් වෑන් අාදියෙන් ගමන් කරති.
මෙසේ විවිධ වූ තරාතිරමේ
විවිධ වූ ඡාතීන්..
විවිද වූ අාගම්....
මේ ලෝකයේ වෙති.

මෙම සියලු මිනිසුන්
මෙතරම් වික්‍රමාන්විතයක්
කරනුයේ .......
තමන් ඡිවත් වන තෙක්
තමාගේ හදවතේ..
ලබ්.....ඩබ්... හඩ
අැසෙන තාක් පමණි....

උදෙන්ම නැඟිටන පුංචි දරුවා දැරිය
අෑනුම් හරිමින් අනේ අහිංසකව
නැඟිට ලක ලෑස්ත වී....
පාසල කරා පිය මනින්නේ..
කටු කිනිති වලින් පිරිමාවතක
ඝණ අන්ධකාරයෙහි
අාලෝකය සොයන්නා සේය...

ගොවියා කුඹුර සීසා..බීඡ වපුරා..
තෙල් පොහොර යොදා....
අස්වැන්න බලාපොරොත්තුවෙන් සිටී..

No comments:

Post a Comment